2022-07-04 · Preserved from Helpcentre.lk

සිංහල අකුරු යතුරු ලියනය කිරීමේදී සිදුවන පොදු වැරදි

Local Language Technical Help Centre knowledge base

සිංහල අකුරු යතුරු ලියනය කිරීමේදී සිදුවන පොදු වැරදි

තීක්ෂණ R & D ආයතනය  ලංකා වසම් අධිකාරියේ සහයෝගිත්වයෙන් ඉදිරිපත් කරනු ලබයි

1) “රු”, “රූ”, “රැ” සහ “රෑ” අකුරු යතුරු ලියනය කිරීමේදී සිදුවන පොදු වැරදි

පහත දක්වා ඇත්තේ මෙම අකුරු භාවිතා වන උදාහරණ කිහිපයකි.

සිංහලෙන් යතුරු ලියනය කිරීමේදී “රු” සහ “රැ” වැරදි ලෙස භාවිතා විය හැක. උදාහරණයක් ලෙස “රුපියල” –> “රැපියල” ලෙසද, “රූපය” –> “රෑපය” ලෙසද වැරදියට යතුරු ලියනය විය හැකිය.

“රු”, “රූ”, “රැ” සහ “රෑ” අකුරු යතුරු ලියනය කිරීමේ අනුපිළිවෙල

පළමුව R යතුර භාවිතයෙන් “ර” අකුර යතුරු ලියනය කරන්න. ඉන්පසු “රු” සෑදීම සඳහා යතුරු පුවරුවේ Q අකුර  යතුරු ලියනය කරන්න.

පළමුව R යතුර භාවිතයෙන් “ර” අකුර යතුරු ලියනය කරන්න. ඉන්පසු “රූ” සෑදීම සඳහා යතුරු පුවරුවේ Shift යතුර සමඟ Q අකුර එකවර යතුරු ලියනය කරන්න.

පළමුව R යතුර භාවිතයෙන් “ර” අකුර යතුරු ලියනය කරන්න. ඉන්පසු “රැ” සෑදීම සඳහා යතුරු පුවරුවේ E අකුර  යතුරු ලියනය කරන්න.

පළමුව R යතුර භාවිතයෙන් “ර” අකුර යතුරු ලියනය කරන්න. ඉන්පසු “රෑ” සෑදීම සඳහා යතුරු පුවරුවේ Shift යතුර සමඟ E අකුර එකවර යතුරු ලියනය කරන්න.

2) ළූණු යන වචනය වැරදි ලෙස සිංහලෙන් යතුරු ලියනය කිරීම විය හැකිය. මෙහිදී භාවිතා වන නිවැරදි අකුර වන්නේ  “ළූ” අකුරයි.

නමුත් එය ළුූණු හෝ  ළුැණු ආකාරයෙන් වැරදියට යතුරු ලියනය විය හැකිය.

3) “ස්‍රැති” වචනය යතුරු ලියනය කිරීම

මෙහි  පිළිගත් වචන ආකෘතිය “ස්‍රැති” වේ. නමුත් මෙම වචනය  උච්චාරණය කරන ආකාරය අනුව මෙය සෘති ලෙස වැරදියට යතුරු ලියනය සිදු විය හැකිය.

4) වචන යතුරු ලියනය කිරීමේ දී එහි අනුපිළිවෙල වැදගත් වේ. උදාහරණයක් ලෙස, “කාර්‍ය්‍යාලය” වැනි වචනය, යතුරු ලියනය කිරීමේ අනුපිළිවෙල වැරදි නම්,  “කාය්‍යාර්‍ලය” ලෙස යතුරු ලියනය විය හැකිය.

උදාහරණය:

“කාර්‍ය්‍යාලය” වචනය

“ක්‍රෝධය” වචනය

5) ඉහත සඳහන් කරන ලද කරුණු වලට අමතරව සිංහල යතුරු පුවරුව භාවිතා කිරීමේ මුලික අවස්ථාවන් වලදී ඇතැම් අකුරු වැරදි ආකාරයට යතුරු ලියනය විය හැකිය.

පහත දක්වා ඇත්තේ එවැනි  උදාහරණ කිහිපයකි.

Archive note: Originally published at Helpcentre.lk. This independent local copy preserves the article text.