2023-10-30 · Preserved from Helpcentre.lk

විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන ආකාරය

Local Language Technical Help Centre knowledge base

විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන  ආකාරය

තීක්ෂණ R & D, ලංකා වසම් අධිකාරියේ සහයෝගිතාවයෙන් ඉදිරිපත් කරනු ලබයි

මෙම ලිපිය මගින් සිංහල අකුරු යතුරු ලියනය කිරීම සඳහා විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන ආකාරය

පිළිබඳව මූලික හැඳින්වීමක් කර ඇත. පහත දක්වා ඇත්තේ විජේසේකර යතුරු පුවරු පිරිසැලසුමයි. – රූපය 01

විජේසේකර යතුරු පුවරුව භාවිතා කිරීමේ පියවර

1) පළමුව, ඔබගේ පරිගණකයේ භාෂාව ලෙස සිංහල තෝරා ගත යුතුයි.

2) ඉන්පසුව සිංහල අකුරට අදාල වන, ඉංග්‍රීසි අකුරෙහි යතුර  තෝරාගෙන යතුරු ලියනය කල යුතුයි.

පහත දක්වා ඇත්තේ එවැනි උදාහරණ කිහිපයකි.

මෙහිදී, “සි”  සඳහා පිලිවෙලින් “i” සහ “s”  ද, ” o” සඳහා  “x” ද, ” හ” සඳහා “y” ද “ල” සඳහා “<”  ද භාවිතා කල යුතුයි.

මෙහිදී, “පු”  සඳහා පිලිවෙලින් “m” සහ “q”  ද, “ව ” සඳහා  “j” ද, “රු” සඳහා “r” සහ “q”  ද “ව” සඳහා  නැවත “j”  අකුරද භාවිතා කල යුතුයි.

3) මුර්ධජ අකුරු භාවිත කිරීමේදී එයට අදාල වන ඉංග්‍රීසි අකුර, යතුරු පුවරුවේ “Shift” (ශිෆ්ට්) යතුරත් සමඟ එකවර භාවිත කල යුතුයි.

පහත දක්වා ඇත්තේ උදාහරණ කිහිපයකි.

මෙහිදී “ණ” සඳහා “Shift” යතුර සමඟ “k” අකුර එකවර යතුරු ලියනය කල යුතුයි. “ය” සඳහා “h“ අකුර භාවිත කල යුතුයි

4) සිංහල සඤ්ඤක අකුරු යතුරු ලියනය කිරීමේදී අවශ්‍ය වන්නේ යතුරු පුවරුවේ “Space key” එකට දකුණු පසින් ඇති “Alt” යතුරයි.

පහත දක්වා ඇත්තේ උදාහරණ කිහිපයකි.

ඳ –> Alt  +   o

ඟ –> Alt + .

Archive note: Originally published at Helpcentre.lk. This independent local copy preserves the article text.